Thursday 18th of June 2026

English Tamil
Advertiesment


විදේශ සංචිතත් ඉහළ ගිහින් 


2024-07-05 14893

 

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසයේ දී 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියි.

ඒ අනුව 2024 මැයි මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

මෙහිදී නිල සංචිත වත්කම්වල අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, 2024 ජූනි මාසයේ දී ඇමරිකානු  ඩොලර් මිලියන 5,368 සිට ඩොලර් මිලියන 5,601ක් දක්වා එනම්, 4.3% කින් වැඩි වී තිබීම නිල සංචිත වත්කම් මෙසේ වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

මෙම නිල සංචිත වත්කම්වල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහ ජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් ද අන්තර්ගත වන අතර, එම විදේශ විනිමය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් නිවේදනය කරයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment